සිසුවකුට ජිවිතයේ වැදගත් ම කඩඉමක් වන සාමන්‍යපෙළ විභාගය සදහා සිසුන් පලමුවෙන් ම පියවර තබන්නේ 10 වසරටයි.
9 වසරේ සිට 10 වසරට යෑම ට සුදානම් වන අප පාසලේ දරු දැරියන් ට ඔවුන්ගේ පෞරෂ සංවර්ධනය සදහා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා ඇතුලු ගුරු මඩුල්ල විශේෂ දේශාභිමුඛ වැඩසටහනක් සංවිධානය කරන ලදි2023.03.23 වන දින පවත්වනු ලැබූ මෙම වැඩසටහන ඉතාමත් ම සාර්ථක ලෙස පැවැත්විණි. ගුරුවරුන් 25 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් සැකසුණු මෙම වැඩසටහනේ හි සම්පූර්ණ තරගාවලි 11 කි. කණ්ඩායම් 20 කි. තීක්ෂණබුද්ධිය,සංයමය,ඉවසීම,සහයෝගය,නායකත්වය,සන්නිවේදනය,වින්දනය,බුද්ධිය ආදි ගූණාංග ඵම වැඩසටහන තුලින් සිසුන් හට බෙදා දෙන ලදි. සවස් යාමයේ පැවැත්වුණු ගී රස වින්දන වැඩසටහන මගින් සිසුන් හට ලබාදුන් වටිනා ආදර්ශත් සමග වැඩසටහන ඉතා සාර්ථකව හා උත්කර්ශවත් ලෙස අවසන් විණි.