- නොපැමිණි දිනවල ඊට හේතු දන්වා ශිෂ්‍ය වාර්තා පොතේ අදාළ ස්ථානයේ සටහන් කරගෙන ආ යුතුය.
- හදිසි දිනපතා පෙ.ව. 7:30 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පංති කාමර හා අවට පිරිසිදු කිරීම කළ යුතුය.
- අසනීපයක දී හෝ භාරකරුගේ ඉල්ලීමක දී හැර වෙනත් අවස්ථාවල දී පාසලට පැමිණි පසු බැහැරව යාමට ඉඩදෙනු නොලැබේ.
- අංග සම්පූර්ණ නිළ ඇඳුමෙන් සැරසී පාසල් පැමිණිය යුතුය.
- පාසල තුළ දීත් ඉන් පිටතදීත් නිරතුරුවම ආචාරශීලීව විනීතව හැසිරිය යුතුය.
- නිරතුරුවම විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, විද්‍යාලයේත් තමාගේත් ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතුය.
- පාසල සතු සියලු දේපල ආරක්ෂා කළ යුතු අතර අනවසරයෙන් ඒ කිසිවක් පාසලින් බැහැරව ගෙන යාම නොකළ යුතුය.
- සියලුම ශිෂ්‍ය/ශිෂ්‍යාවන් තම සහෝදර සහෝදරියන් ලෙස සලකා ඇසුරු කළ යුතුය.
- පාසලේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට අවනත වීම, ගරු කිරීම, ආදරය දැක්වීම කළ යුතුය.
- පාසලේදී පවරනු ලබන විෂය හා විෂය බාහිර කටයුතු සියල්ල කලට වේලාවට නිමකළ යුතුය.
- සෑම ළමයෙකුම විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු සියල්ල කලට වේලාවට නිමකළ යුතුය.
- කිසිම අවස්ථාවක පිටස්තර පුද්ගලයන් විද්‍යාලය තුළට කැඳවාගෙන ඒම සපුරා තහනම් ය.
- පාසලේ සීනුවට සෑම විට ම අවනත විය යුතු අතර කාල සටහන අනුව විෂය ඉගෙනීමේ කටයුතුවල නිරත විය යුතුය.
- පංති මාරුවීම්, රැස්වීම්වලට පැමිණීම්, ක්‍රීඩා පිටියට පැමිණීම් කළ යුත්තේ පෙළ ගැසීමෙන් අනතුරුවය.
- විවේක කාලය තුළ අන් අයට කරදරයක් නොවන අයුරින් හැසිරිය යුතුය.
- ඔබගේ අධ්‍යාපනික හෝ පෞද්ගලික ගැටලු වෙතොත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඇත.
- ඔබ පාසලේ සංස්කෘතිය වහා හඳුනාගෙන ඒ අනුව අනුගත වීම් කළ යුතු අතර විද්‍යාලයීය විනය පද්ධති හා ආචාර ධර්ම අනුගමනය කළ යුතුය.
- සෑම විටම තමා අධ්‍යාපනය ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවක් ලෙස කටයුතු කළ යුතුයි.