මැදි විදුහල් මාතා
නමදිමු බැතියෙන අප සැමදා
මැදි විදුහල් මාතා
සිප්සත නිරතුරු සිසුහට දෙවනා
මොහඳුර පලවා යහමඟ සදනා
කැකිරා මැදි මහ විදුහල් මාතා
මැදි විදුහල් මාතා…
මනහර කෙත්වතු හා පියකරු වැව්
හෙළ රජ විරුවන් තැනු බිතු සිතුවම්
සිසිලස හමනා සැම සිත සනහා
මැදි විදුහල් මාතා…
ඉඳ ඔබ සෙවනේ සිසු අපි තුටිනේ
සනසමු සිරිලක ලබමින් ඥානේ
දින දින සව්සිරි විඳිමින සැරදේ
මැදි විදුහල් මාතා…