1934 ඔක්තෝබර් 8 වන දින කැකිරාව ප්‍රදේශයේ විසූ කීර්තිමත් ව්‍යාපාරිකයකු Bastian silva මැතිදුන්ගේ ඉඳන් සහ ගොඩනැගිලි ධන පරිත්‍යාගයෙන් විහාරස්ථානය ඉදිරිපිට භූමි භාගයේ කැකිරාව සිල්වා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් ප්‍රතිස්ථාපනය කරනු ලැබීය.1937 මැයි මස තුන්වන දින රජයේ ආධාර ලබන පාසලක් බවට පත් විය. 1938 මැයි මස 1 වන දින පාසල රජයට පවරා ගනු ලැබිණි.එහෙදි විද්‍යාලය ශ්‍රේෂ්ඨ මිශ්‍ර රජයේ පාඨශාලා ලෙස නම් කරන ලදී.මෙම පාසල සිහි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ප්‍රතිසංස්කරණ යටතේ 1945 ජූලි මාසේ වන දින කැකිරාව රජයේ මධ්‍ය මහා විද්‍යාලය නමින් පිහිටුවනු ලැබීය

මෙතන ආරම්භ කරන අවස්ථාවේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් තිස්සේ කෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙක් සමන්විත විය. තව එක් ගුරැවරයෙකි. ඔහු A.D ජයසිංහ නම් විය. මෙම විද්‍යාලයේ පලමු ශිෂ්‍යයා ලෙස නාමලේඛනයට ඇතුලත් කොට ඇත්තේ AM ධර්මසේන මහතාය. බාලක නේවාසිකාගාරය තලාව පාරේ කැකිරාව නගරයට ආසන්නව ඇති පලුගස්වැව වලව්වේ පවත්වා තිබේ. නේවාසිකාගාර පාලිකාව අමුණුගම මහත්මිය විය. බාලිකාවන් 15 දෙනෙකු නේවාසිකාගාරයට ඇතුලත්ව ඇත. පලමු ශේණියේ සිට ජේෂ්ඨය දක්වා පංති පවත්වා ඇති අතර ගණිතය,ඉංග්‍රීසි,ඉතිහාසය විෂයන් උගන්වා ඇති අතර ඉංග්‍රීසි සඳහා ප්‍රමුඛතාවය දී තිබේ. වර්ථමාන පාසල පිහිටි ස්ථානයේ පාසල සඳහා මුල් ගල් තැබීම D.S සේනානායක මැතිතුමා විසින් 1951.03.06වන දින සිදු කර ඇත. 1953.08.11දින වර්ථමාන විදුහල පවතින ස්ථානයට මෙම විදුහල ගෙන එනු ලැබූ අතර සර් ජෝන් කොතලාවල මැතිතුමා අතින් විවෘත විය.ගුරැමන්ඩලය 13ක්ද සිසු සිසුවියන් 263ක්ද එවකට පාසලේ අධ්‍යන කටයුතු වල නියලීය.පාසලේ චෛත්‍ය සහිත බුදුමැදුරට මුල්ගල තබන ලද්දේ 1957.06.14දිනය. 1951මුලින්ම නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් පැවති අතර අභය,තිස්ස,කාශ්‍යප වශයෙන් නිවාස බෙදා ඇත. 1958දී ගුරැ දෙගුරැ සම්මුතියට අනුව ගැහැණු ලමුන් සඳහා ළමාසාරිය නිල ඇඳුම වශයෙන් වෙන් කෙරිනි. 1959-1960 වසර වලදි 10 සිට 12 පංති සඳහා ළමාසාරියද 6 සිට 9 දක්වා සුදු ගවුමද නියම කෙරිනි. වත්මන් භූමියට 1951 ප්‍රවිෂ්ට වන අතර භූමි ප්‍රමාණය අක්කර 24 කින් සමන්විතය. විද්‍යාලය විකාශනය වූ මව් පාසල වර්තමානයේ බස්තියන් සිල්වා මහා විද්‍යාලය නමින් වෙනම ආරම්භක ස්ථානය ම පවතී. ආරම්භක විදුහල්පති ජී.බී. බන්නැහැක මහතාය. 1995 වර්ෂයේ විද්‍යාලයට සුවිශේෂී වර්ෂයකි.එනම් ජාතික පාසලක් බවට පත්වීමයි.
පැරණි පාසල් ගීතය
පාසැල් මව් තුමණී
නමදිමු ඔබ බැතිනි
කකෙත් වතු ඇසුරින්
හමනා මඳ නල
ඔබෙ සිත සනසාවි
පියකරු වන රොදකි
දිය පිරි වැව් වැලකි
මනරම් කැකිරා පෙදෙසේ
සැමටම සිප් සත
දෙන බැතිනි
|
ආරම්භ කළ වර්ෂය |
1934 ඔක්තෝබර් මස 08 |
|
මධ්‍ය විධ්‍යාලයක් බවට පත්වු දිනය |
1945 ජුලි මස 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
31 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඒ.ඩී. ජයසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශ්‍රිමත් බස්තියන් සිල්වා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.බි. බන්නැහැක |
|
පාසල රජයට පවරාගත් දිනය |
1938 මැයි 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වර්තමාන බස්තියන් සිල්වා විද්‍ය්ිලයේ පිහිටි මුල් ගොඩනැගිිල්ලෙහි |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ.එම්. ධර්මසේන |