6 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනේ.

2023 වසර සදහා  6 ශ්‍රේණිය ට නවක සිසුන් බදවාගැනේ...

කැකිරාව මධ්ය විද්යාලයේ 2023 වසරේ 6 ශ්රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණ 159 වේ.
එම කඩයිම් ලකුණ සමත් දරුවන් 317 කගේ නම් පාසල වෙත ලැබී ඇති අතර ඔබ තෝරාගෙන ඇතිබව දැක්වෙන ලිපිය ඉදිරි දිනයකදී නිවසට ලැබෙනු ඇත.
159 ලකුණ නොමැති දරුවන් සඳහා ආදිශිෂ්ය (27), සහෝදර (18) හා කාර්යාල (9) යන පදනම් කීපයකින් පාසල වෙත අයදුම් කල හැකි අතර ඒ සඳහා අයදුම්පත්ර පාසල් ගේට්ටුවේ ඇත. එය පුරවා පාසල වෙත අප්රේල් 4 වනදාට පෙර භාර දෙන්න.
පදනම් වලට ලකුණු එකතු කිරීමක් සිදු නොවන අතර ලබාගත් ලකුණු මත පෙල ගැස්වීමක් පමණක් සිදු කරයි.
එම පදනම් වලට අදාල නොවන දරුවන් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමක් සිදුකල හැකි අතර ඒවා යොමුකල යුතු වන්නේ අධ්යාපන අමාත්යාංශය වෙතට වේ.
ඉහත පදනම් වලට අයත් නොවූ දරුවන්ගේ දෙමව්පියන් පාසලට පැමිණීමට හෝ විදුහල්පතිතුමා ඇමතීමට කටයුතු නොකරන්න.
(ඉහත පදනම් තුන යටතේ අයදුම්කල හැක්කේ ලකුණු 148ට වැඩි දරුවන් සඳහා පමණි)
නියෝජ්ය විදුහල්පති (පරිපාලන)
ගැමුණු බණ්ඩාර
අයදුම්පත පාසල් ගේට්ටුවෙන් ලබාගැනීම ට අපහසු නම්
පහත ලින්ක් එක භාවිත කොට බාගත කරගන්න.