නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය

අධ්‍යාපනය යනු මිනිසකුගේ ජීවිතයට වැදගත් ම අංගයකි - අප සියලු දෙනා ටම අවැසි ආයුධයකි. අධ්‍යාපනය යනු පොතපතේ හි දැනුම පමණක් නො ව සමාජයේ ජීවත් වන ආකාරය,සාරධර්ම,විෂය බාහිර කටයුතු ද වේ.අධ්‍යාපනය අප ට ජීවිත කාලය පුරා ම වැදගත් ය.
ඒ අනුව, දිවයිනේ ජාතික පාසල් අතරින් විශිෂ්ට ම පාසලක් වන කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් මෙම පාසලේ සිසුන් හට ඔවුන්ගේ ජන්ම කුසලතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සලසා දෙයි, ඔවුන් වගකිවයුතු යහපත් පුරවැසියන් බව ට පත්කරයි.
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය ඉගැන්වීමට හා ඉගෙනීමට කදිම නවාතැන්පොලක් විය.එහි ඵලයක් ලෙස 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයයේ සමස්ත ප්රතිඵලය 100% ප්රථිපලයක් වශයෙන් දැක්විණි.
සිසුන් හට උසස් තත්ත්වයේ ඉගෙනුම් අත්දැකීමක් ලබා දීමට අපගේ ගුරුවරුන් කැපවී සිටිති.
සිසුන්ට පාසල් අධ්‍යාපනයෙන් පසු ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට හැකි වන කුසලතා ලබා ගැනීමට විධිමත් විෂයමාලා තුළ සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් අවස්ථා රාශියක් ඇති බව අපි විශ්වාස කරමු.
මීට,
කැකිරාව මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති,
ගැමුණු බණ්ඩාර.