Media Unit

 

 මෙම කමිටුව නිවේදන, ග්‍රැෆික් නිර්මාණකරණය, ඡායාරූපකරණය, හඬකැවීම්, ශ්‍රව්‍ය නිර්මාණය ආදී විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත වේ. අපගේ පාසලේ පැවැත්වෙන ප්‍රධාන රැස්වීම්, නිවාස රැස්වීම් සහ විශේෂ වැඩ වැනි පාසල් පොදු වැඩ සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙයි.අපේ පාසලේ ශ්‍රී ලංකාව පුරා තරඟ රාශියක් දිනාගත් නිවේදකයින් සිටිති. මේ මාධ්‍ය සමාජය අපේ පාසලේ ඉතාමත් ම වැදගත් සමාජයකි.අපගේ මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය රුවිනි බණ්ඩාර මහත්මියයි.මාධ්‍ය සමාජයේ සෑම ක්ෂේත්‍රයකම එක එකාට විවිධ නායකයින් සිටිති.අපට දක්ෂ ඡායාරූප ශිල්පීන්,නිවේදකයින්,ග්‍රැෆික් නිර්මාණකරුවන් විශාල පිරිසක් සිටිති.සෑම උදෑසනක ම  අපගේ නිවේදකයන් අලංකාර,දවස වඩාත් උද්යෝගිමත් කරන වැඩසටහන් පවත්වයි.ග්‍රැෆික් නිර්මාණකරුවන් සෑම විශේෂ අවස්ථාවක් සඳහාම විශ්මය ජනක පෝස්ට් නිර්මාණය කරන අතර අපගේ සංස්කාරකවරුන් අලංකාර ඡායාරූප සංස්කරණය කරයි. එබැවින් මෙම මාධ්‍ය සමාජය කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉතා අත්‍යවශ්‍ය අංගයකි.