මහනුවර Trinity College 13න් පහල දැඩි පන්දු ක්‍රිකට් කණ්ඩායම පරදා කැකිරාව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට විශිෂ්ට ජයක්.
කුරුණෑගල බෝයගනේ හමුදා කදවුරු ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනාගත් මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත් අතර ට්‍රිනිටි විද්‍යාලීය කණ්ඩායම පළමු ඉනිමේ පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ළකුණු 136 ලබාගන්නා ලදි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ එසත් රිවිදුල කඩුළු 05 ක් දවාගන්නා ලදී.
පිළිතුරු ඉනිම පන්දුවට පහර දුන් මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම නියමිත පන්දු වාර අවසානයේ පහසු ජයක් ලබාගත් අතර
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජනිදු එස්මික ළකුණු 89ක් ලබාගන්නා ලදී.
13 න් පහළ අපේ දක්ෂ ක්‍රිකට් පොඩ්ඩන්ට විදුහල්පති තුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්.